පැවරුම 1.1
- ඔබේ ගෙවත්තේ / පාසල් වත්තේ ඇති ශාක නිරීක්ෂණය කරන්න.
- ඒවා සපුෂ්ප ශාක හා අපුෂ්ප ශාක ලෙස වෙන්කර හඳුනා ගන්න.
- ඔබ හඳුනාගත් ශාක සපුෂ්ප ශාක හා අපුෂ්ප ශාක ලෙස වගු ගත කරන්න.
පැවරුම 3.1
1. මල් හා ඵල දරන කුඩා ශාකයක් (නිදසුන් - මොණර කුඩුම්බිය, කුප්පමේනියා වැනි) තෝරා ගන්න.
2. එහි මුලට ජලය යොදා, පසු බුරුල් වූ පසුව මුල් නොකැඩෙන පරිදි ප්‍රවේශමෙන් ගලවා ගන්න.
3. මුල්වල ඇති පස් ප්‍රවේශමෙන් ඉවත් කරන්න.
4. පුවත්පත් පිටු අතර මෙම ශාකය තබා ඒ මත බරක් තබා ශාකය වියැළෙන්නට හරින්න.
5.සතියකට පමණ පසුව මෙම ශාක නිදර්ශකය ක්ෂේත්‍ර පොතක් සකසා එහි අලවා ගන්න.
6.ඔබ විසින් අලවා ගන්නා ලද ශාකයේ ප්‍රධාන කොටස් හඳුනා ගන්න.
පැවරුම 4.1
- කුඩා තෘණ ශාකයක් හා කුප්පමේනියා වැනි ශාකයක් තෝරා ගන්නා.
- ශාක දෙකම මුල් නොකැඩෙන ලෙස ප්‍රවේශමෙන් ගලවා ගන්න.
- මුල්වල පස් සෝදා හැර පුවත්පත් පිටු අතර තබා ඒ මත බරක් තබා වියළා ගන්න.
- සතියකට පමණ පසුව ක්ෂේත්‍ර පොතට අලවා ගන්න.
No comments:
Post a Comment