සපුෂ්ප ශාක කොටස්වල විවිධත්වය
සපුෂ්ප ශාකවල සුවිශේෂී ලක්ෂණය වනුයේ පුෂ්ප හට ගැනීමයි. බොහෝ ශාකවල කඳ, පත්‍ර, මුල්, අංකුර, පුෂ්ප හා ඵල ආදී සියලුම කොටස් දක්නට ඇත. නමුත් විවිධ ශාකවල මෙම කොටස් අතර විශාල විවිධත්වයක් පවතී.
සපුෂ්ප ශාක කොටස්වල විවිධත්වය
මුල්වල විවිධත්වය
කඳන්වල විවිධත්වය
පත්‍රවල විවිධත්වය
මල්වල විවිධත්වය
බීජවල විවිධත්වය
ඵලවල විවිධත්වය
ශාක මුල්වල විවිධත්වය
ශාක මුල් අතර පවතින වෙනස්කම් ශාක මුල්වල විවිධත්වය නම් වේ.
ශාක මුල් මඟින් ඉටුවන ප්‍රධාන කෘත්‍යයන්
ශාකය පසට සවි කිරීම
ජලය උරා ගැනිම
පොහොර උරා ගැනිම
වෙනත් කාර්යයන් කරන මුල්
ප්‍රජනක මුල්
ආහාර සංචිත මුදුන් මුල්
ආහාර සංචිත පාර්ශවික මුල්
සහජීවි මුල්
වායව මුල්
කරු මුල්
කයිරු මුල්
ආරෝහක මුල් (ආලග්න මුල්)
ස්වසන මුල්
ප්‍රජනක මුල්
ශාකයේ මුල් වලින් පැල ඇති වී මුල් මඟින් තව ශාක බිහිවේ නම්, එවැනි මුල් “ප්‍රජනක මුල්” නම් වේ.
· දෙල්
· කරපිංචා
ආහාර සංචිත මුදුන් මුල්
ශාකයේ මුදුන් මුල තුළ ආහාර ගබඩා වී ඇති ශාක “ආහාර සංචිත මුදුන් මුල්” නම් වේ.
· කැරට්
· බීට් රූට්
· රාබු
ආහාර සංචිත පාර්ශවික මුල්
ශාකයේ මුදුන් මුලෙන් එන ශාක මුල් තුළ ආහාර ගබඩා වී ඇති ශාක ආහාර සංචිත පාර්ශවික මුල් නම් වේ.
· බතල
· මඤ්ඤොක්කා
සහජීවි මුල්
නිදිකුම්බා වැනි රනිල කුලයේ ශාකවල සහජිවී මුල් ඇත. රයිසෝබියම් නැමැති බැක්ටිරියාව මුල ගැටිති තුළ ජීවත් වෙමින් N2 වැනි වායු ශෘක වලට ලබා දෙයි.
වායව මුල්
වායූගෝලයේ ඇති ජල වාෂ්ප උරාගැනීමට සකස් වී ඇති මුල් වායව මුල් නම් වේ.
· ඕකිඩ්
කරු මුල්
ශාක අතු ඔසවා ගෙන සිටීමට ආධාර වන ලම්භකව පොළොව වෙත සවි වී ඇති මුල් කරු මුල් නම් වේ.
· නුග
· බෝ
කයිරු මුල්
කඳේ පාදයෙන් ආරම්භ වී ඇලව පොළොව වෙත සම්බන්ධ වී ඇති මුල් කයිරු මුල් නම් වේ.
· රම්පේ
· වැටකෙයියා
ආරෝහක මුල් (ආලග්න මුල්)
ශක්තිමක් කඳක් නැති වැල් වැනි ශාක වලට ආලෝකය ලබා ගැනීමට ඉහළට වැඩීම සඳහා අවශ්‍ය වන මුල් ආරෝහක මුල් නම් වේ.
· බුලත්
· ගම්මිරිස්
ස්වසන මුල්
නිතර ජලයෙන් යට වෙමින් සෑදෙන කඩොලාන ශාක වල මුල්වල කුණු වීම වළක්වමින් මුල්වල ශ්වසනයට වැඳගත් වන පසෙන් ඉහළට පැමිණි මුල් ස්වසන මුල් නම් වේ.
|
වායුධර මුල් පොළොවෙන් ඉහළට මතු වූ ඉති වැනි මුල් |
දණහිස් මුල් පොළොවෙන් ඉහළට මතු වූ දණහිසක් වැනි මුල් |
පැවරුම 4.1 සදහා පහත සබැදිය වෙත පිවිසෙන්න.පැවරුම 4.1
No comments:
Post a Comment